පොලිතින් නොගත්තොත් ඩිස්කවුන්ට් එකක්

April 02, 2024 - 11:59 AM
දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් කවුන්ටරයෙන් පොලිතින් බෑග් ලබා නොගන්නා හෝ නැවත රැගෙන යා හැකි බෑගයක් රැගෙන එන පාරිභෝගිකයින්ට රුපියල් 500ට වැඩි බිල්පත් සඳහා රුපියල් 5ක මුදලක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපර්තමේන්තුව සඳහන් කළේ, ඒ සඳහා සුපිරි වෙළඳසැල්වල ඉහළ කළමනාකාරීත්වයේද එකඟත්වය හිමි වූ බවයි.
(lknews.lk)