සෞඛ්‍ය වෘත්තීය සමිති හා සෞඛ්‍ය අමාත්‍යාංශ කමිටුව අතර සාකච්ඡාවක්

February 28, 2024 - 10:06 AM
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ කමිටුව අතර සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතයි.

යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පවසනවා.

එම වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)