ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

January 17, 2024 - 11:43 AM

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී දෙරට අතර අන්‍යෝන්‍ය ආර්ථික හවුල්කාරිත්වයන් වර්ධනය සහ ඉහළ නැංවීම අරමුණු කරගත් සහයෝගීතා වලට මුලපිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

එමෙන්ම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය අත්කරගෙන ඇති ප්‍රගතිය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කර තිබෙනවා.
(lknews.lk)