ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන සාකච්ඡාවක්

March 04, 2024 - 1:07 PM
බස්නාහිර සහ සබරගමුව පළාත්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද ( 04 ) දින විශේෂ සාකච්ඡාවක් අදාළ පළාත්වල අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.

ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් අද දින රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සමග ද සාකච්ඡා පවත්වන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළා.

එමෙන්ම සබරගමුව පළාතේ 10 ශ්‍රේණිය ඉංග්‍රිසි දෙවන ප්‍රශ්න පත්‍රය පිටවීම පිළිබඳව ද විධිමත් පරීක්ෂණයක් ආරම්භ කෙරෙන බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණු ආරච්චී මහතා පැවසුවා
(lknews.lk)