සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා මුදල් අමාත්‍යංශ නියෝජිතයින් සාකච්ඡාවක්

February 06, 2024 - 9:56 AM
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෘත්තිය සමිති නියෝජිතයින් සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයින් අතර අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ මුදල් අමාත්‍යංශයේ දී අද දහවල් 12.00ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
(lknews.lk)