පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ නිලධාරීන් අතර සාකච්ඡාවක්

February 16, 2024 - 12:20 PM
දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ නිලධාරීන් අතර සාකච්ඡාවක් ලබන 21 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, මැතිවරණ වියදම් නියාමන පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසන්නේ, මෙම සාකච්ඡාවේදි ඉදිරි මැතිවරණ පනත සක්‍රීය ‍ලෙස ක්‍රියාත්මක කිරීමට පවතින බාධා හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දේශපාලන පක්ෂවල අදහස් ලබා ගන්නා බවයි.
(lknews.lk)