මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් අත්අඩංගුවට

March 05, 2024 - 5:33 PM
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන රත්මලානේ 'සිඟිති' නමැති කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි.

ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එම මත්ද්‍රව්‍ය වල ටිනාකම රුපියල් ලක්ෂ 7ක් බවට සැක කරන බව අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පැවසුවා.
(lknews.lk)