අධිවේගී මාර්ගයේදී මාරක රිය අනතුරක්

November 28, 2023 - 1:03 PM
අධිවේගී මාර්ගයේ කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් 3 කණුව අසලදී අද (28) අලුයම දෙකයි තිහට පමණ අනතුරක් සිදුවී තිබෙනවා.

නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි කන්ටේනර රථයක් ගැටී එහි ගමන් ගත් රියදුරු සහ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී එම කාන්තාව ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය සෙවනගල කොවුල්ආර ප්‍රදේශයේ පදිංචි තිස් නව හැවිරිදි කාන්තාවක්.

ඇය මෙම කන්ටේනර් රථයට ගොඩ වී ඇත්තේ කඩුවෙල අධිවේගී පිවිසුම අසලදීයි.

ඇඹිලිපිටියට යාම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් එහි රැඳී සිටියදී ඇඹිලිපිටිය දෙසට ගමන් ගන්නා මෙම කන්ටේනර රථය මෙම කාන්තාව නංවාගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී කඩුවෙල දෙස සිට ඇඹිලිපිටිය දෙසට යමින් සිටියදී කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් තුනේ කනුව අසල ටයරයක ඇති වූ කාර්මික දෝෂයක් යථා තත්ත්වයට පත් කරමින් තිබූ තවත් කන්ටේනර් රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)