අලුතින් බාර් අරිද්දී රජයට කෝටියක ගාස්තුවක්

January 08, 2024 - 10:15 AM
ඉදිරියේ දී රට බීමහලක් ආරම්භ කරන විට මුලික ගාස්තු ලෙස රුපියල් කෝටියක මුදලක් තැම්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු පවසන්නේ සුරා බදු බලපත්‍ර නිත්‍යානුකූල ආකාරයට ලබාදීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.

මත්පැන්හලක් ආරම්භ කරන විට මෙතෙක් එවැනි මූලික ගාස්තුවක් අය නොකරනු ලැබුවා.

සංචාරක කර්මාන්තය සමඟ බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
(lknews.lk)