ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250ක මුල්‍ය සහනයක්

December 20, 2023 - 5:06 PM
ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලියන 500 යේ දෙවන ණය වාරිකය ලෝක බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 250 ක් ඒ යටතේ ශ්‍රී ලංකාවට හිමිවන අතර පළමු වාරිකය යටතේද ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 250 ක් ලබා දීමටයි මීට පෙර කටයුතු කර තිබුණේ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථිකය අර්බුදයට විසදුම් ලබා ගැනීමේ අරමුණින් මෙම මුදල ලබා දීමට කටයුතු කර තිබෙනවා.
(lknews.lk)