සහල් සැඟවූ සුපිරි වෙළඳසලට ලක්ෂයක දඩයක්

November 13, 2023 - 9:13 AM
කීරි සම්බා සහල් තොගයක් සඟවාගෙන සිටි බවට වරද පිළිගත් සුපිරි වෙළෙඳසලකට රුපියල් ලක්ෂයක දඩ නියම කර සහල් තොගය රාජ සන්තක කිරීමට නියෝග කර තිබෙනවා.

අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්.

එලෙස සඟවාගෙන සිට ඇත්තේ, රුපියල් තුන් ලක්ෂ පනස් හතර දහස් නමසීයක් වටිනා කීරි සම්බා සහල් කිලෝ එක් දහස් තුන්සිය හැට පහක් බවයි වාර්තා වන්නේ.

මෙලෙස දඩ නියම කෙරුණේ නිට්ටඹුව නගරයේ සුපිරි වෙළෙඳසැලකටයි.

විත්තිකාර වෙළඳ ආයතනය වෙනුවෙන් එහි බලය පැවරූ ලිපියක් ද සමඟ අධිකරණය ඉදිරියේ පෙනී සිටින පුද්ගලයා දඩ මුදල නොගෙවන්නේ නම් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම දෙනාට මාස හය බැගින් ලිහිල් සිර දඩුවම් නියම කිරීමට ද මෙහිදී නියෝග කෙරුණා.
(lknews.lk)