කොළඹ වේල්ස් කුමාර මාවතේ ගින්නක්

March 28, 2024 - 3:17 PM
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය ඉදිරිපිට වේල්ස් කුමාර මාවතේ දැඩි රථවාහන තද බදයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම ගින්න මැඩපැවැත්වීමට කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වන විට ගිනි නිවීමේ රථ 5ක් යොදවා තිබෙනවා.
(lknews.lk)