ඇල්ලේ ගින්නක් ඇති වෙයි

March 05, 2024 - 4:46 PM
ඇල්ල හල්පෙ තේ වතු යායට ඉහළ පිහිටි කරපන්ටයින් රක්ෂිතයේ අද (5) දහවල් විශාල ගින්නක් ඇති වී තිබෙනවා.

එම ගින්නෙන් අක්කර පහක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

පවතින අධික උෂ්ණත්වය හා වියළි කාලගුණික තත්වය මත මෙම ගින්න වේගයෙන් පැතිර ගිය බවයි වාර්තා වන්නේ.

ඇල්ල පොලිසිය පවසන්නේ, කිසිවෙකු විසින් තැබූ ගින්නක් මෙලෙස පැතිර යන්නට ඇතැයි සැකකරන බවයි.
(lknews.lk)