කොළොන්නාවේ හෝටලයක ගින්නක්

December 28, 2023 - 4:08 PM
කොළොන්නාවේ හෝටලයක දෙවන මහළේ ගින්නක් හට ගෙන තිබෙනවා.

මේ වන විට ගින්නෙන් පුද්ගලයෙකු බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොදවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර සිටියේ.
(lknews.lk)