ස්පාඤ්ඤයේ නිවාස සංකීර්ණයක ගින්නක්

February 23, 2024 - 11:53 AM
ස්පාඤ්ඤයේ වැලන්සියා නගරයේ මහල් 14 කින් යුත් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

නිවාස 138 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ නිවැසියන් 450 කට අධික පිරිසක් වාසය කරන බව වාර්තා වනවා.

එමෙන්ම ගිනි නිවන භටයින් 6 දෙනෙකු සහ කුඩා දරුවෙකු ඇතුළු 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(lknews.lk)