ධීවර යාත්‍රාවක් අතුරුදහන් වෙයි

March 08, 2024 - 11:32 AM
කල්පිටියෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් නැවත ගොඩබිමට නොපැමිණි බවට සඳහන් කරමින් කල්පිටිය පොලීසියට එම යාත්‍රාවේ හිමිකරු පැමිණිලි කර තිබෙනවා.

මෙම යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙක් ගමන් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

ඔවුන් ඊච්චන්කාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පොලීසිය මේ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කර සෝදිසි කටයුතු ආරම්භ කර තිබෙනවා.
(lknews.lk)