කුරුණෑගල රෝහලට පංච පුද්ගල විද්වත් කමිටුවක් පත් කරයි

February 24, 2024 - 5:18 PM
කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සිදුවීම පිළිබඳව කරුණු සෙවීමට සෞඛ්‍ය ආමාත්‍යාංශයෙන් පංච පුද්ගල විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ, කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ රෝගීන් පිරිසක් මරණයට පත් වීම හේතුවෙන්.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ, ඒ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙලෙස 05 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත්කර ඇති බවයි.
(lknews.lk)