ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

February 19, 2024 - 3:22 PM
ශ්‍රී ලංකාවට වෙරළාරක්ෂක ගුවන් යානයක් ලබා දීමට ඇමරිකාව තීරණය කර තිබෙන බව ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන Doland Lu සඳහන් කර තිබෙනවා.

මෙම ගුවන් යානය ලබා දීමට කටයුතු කර ඇත්තේ, මෙරට වෙරළ තීරයේ ආරක්ෂක කටයුතු සඳහා මුර සංචාර කටයුතු වලට යෙදවීමටයි.

ඒ අනුව 'king air' නමින් ගුවන් යානයක් ශ්‍රී ලංකාව වෙත මේ වසර තුළ ලබා දීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)