කොළඹට පැමිණි ගුවන් යානයක් යළි ගොඩ බස්සවයි

February 13, 2024 - 11:36 AM
මෙල්බර්න් සිට කොළඹට පියාසර කළ ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගොඩ බස්සවා තිබෙනවා.

එම ගුවන් යානය මෙල්බර්න් වේලාවෙන් ඊයේ පස්වරු 6.18ට පමණ ගුවන්ගත කර තිබෙනවා.

UL 605 එයාර්බස් A ත්‍රී තර්ටි වර්ගයේ ගුවන් යානයක් එලෙස කාර්මික දෝෂයට ලක්ව ඇති බව සඳහන්.

එමෙන්ම එහි මගීන්  202ක් සහ කාර්ය මණ්ඩලය 15ක් ගමන් කර තිබුණා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේ, එම මගීන්ට නවාතැන් පහසුකම් සලසා ඇති බවයි.

ගුවන් යානයේ කාර්මික දෝෂය නිවැරදි කර නැවත ශ්‍රී ලංකාව බලා පිටත් කරවීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා .
(lknews.lk)