ශ්‍රී පාදයේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට ඇද වැටෙයි

March 29, 2024 - 5:08 PM
රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් අඩි 100ක පමණ ප්‍රපාතයකට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා.

ඔහු තවත් පිරිසක් සමඟ ශ්‍රී පාද උඩමළුව වෙත ගමන් කරමින් සිටිය දී අද (29) 4.45ට පමණ මෙම අනතුරට මුහුණ දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ජාතිකයෙක් වූ අදාළ විදේශිකයා එම ස්ථානයෙන් මුදාගෙන රෝහල් ගත කිරීමට මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බලකාය නිළධාරීන් පියවර ගෙන තිබෙනවා.
(lknews.lk)