මකරෙකු වැනි සත්වයෙක්ගේ ෆොසිලයක් චීනයෙන්

February 24, 2024 - 4:12 PM
වසර මිලියන 240ක් පමණ පැරණි මකරෙකු වැනි සත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන අවසන් කිරීමට විද්‍යාඥයන්  පිරිසක් සමත් වී තිබෙනවා.

මෙහි මුල්ම ෆොසිලයේ කොටස් හමු වී ඇත්තේ, 2003 වසරේදීයි.

ඒ, දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකිනි.

පසුව විද්‍යාඥයන් විසින් සිදු කළ පර්යේෂණ අනුව මේ වන විට සම්පූර්ණ ෆොසිලය මතුකර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව එම ෆොසිලයේ  දිග අඩි 16ක් පමණ වන බවද එම ෆොසිලය ඉතා ඈත අතීතයේ ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ජලජ උරගයකුගේ බවත් විද්‍යාඥයෝ පවසනවා.
(lknews.lk)