ඉන්ධන මිල සංශෝධනයක්

March 04, 2024 - 9:42 AM
ඉන්ධන මිල ගණන් සංශෝධනයක් අද (04) රාත්‍රියේ සිදුවනු ඇති බව වාර්තා වනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ, පෙබරවාරි මස අග දී මිල සංශෝධනයක් සිදු විය යුතුව තිබුණද එය අද දිනයේ දී සිදු වනු ඇති බවයි.

ඒ අනුව අද දිනයේ දී ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදු නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්ධන මිල සුත්‍රයට අනුව මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
(lknews.lk)