සජිත්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

January 08, 2024 - 12:12 PM
දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන්.
(lknews.lk)