ඉන්දීය ධීවරයින් පිරිසක් උපවාසයකට සැරසෙයි

February 23, 2024 - 4:33 PM
ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ඉන්දීය ධීවරයින් පස් දෙනා නිදහස් නොකරන්නේ නම් හෙට (24) සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව ඉන්දියාවේ තංගච්චි මඩම් ප්‍රදේශයේ ධීවරයින් පවසා තිබෙනවා.

ඊයේ (23) පැවති රැස්වීමකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම ඉන්දීය ධීවරයින් පස්දෙනා පසුගිය 16 වනදා නාවික හමුදා භාරයට ගෙන තිබුණා.
(lknews.lk)