විදේශිකයින්ගේ දිවි බේරා ගැනීමට ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමත් වෙයි

March 10, 2024 - 4:59 PM
බෙන්තර වෙරළ තීරයේ දී රළ පහරට හසු වී ගසාගෙන යමින් සිටි විදෙස් ජාතික ජාතික කාන්තාවක, ඇයගේ දරුවා සහ විදෙස් ජාතිකයෙකුගේ දිවි බේරා දීමට ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමත් වී තිබෙනවා.

මෙලෙස එම විදේශිකයින් සැඩ පහරට හසුව ගසා ගෙන ගොස් ඇත්තේ, ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලය පසුපස වෙරළ තීරයේ දිය නාමින් සිටියදීයි.

එම අවස්ථාවේදී ඔවුන් උදව් ඉල්ලා කෑගැසීමත් සමග ජීවිතාරක්ෂක නිලධාරීන් දියඹට පැන ඔවුන් බේරා ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

එහෙත් රළ පහර වැඩි වීමත් සමඟ නිරෝෂන් ප්‍රනාන්දු, තරිඳු යන දෙදෙනා සහ ලලූනා ජල ක්‍රීඩා සංගමයේ චමෝද යන අය jet ski එකක් ආධාරයෙන් කඩිනමින් ඔවුන් ආසන්නයට ගොස් ඔවුන්ව ගොඩබිම වෙත රැගෙන ඒමට සමත් වී තිබෙනවා.