අනුර හමුවට රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක්

March 07, 2024 - 11:45 AM
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර හමුවක් ඊයේ පවත්වා තිබෙනවා.

ඒ, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේදීයි.

එම සාකච්ඡාව සඳහා පලස්තීන, තුර්කි, බංග්ලාදේශ, ඉන්දුනීසියානු, මැලේසියානු සහ මාලදිවයින් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සහභාගී වී තිබුණු බවයි වාර්තා වන්නේ.

එහිදී ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
(lknews.lk)