ජීවයට හිතකර ග්‍රහලෝකයක් සොයාගනී

February 05, 2024 - 11:02 AM
ඇමරිකාවේ නාසා ආයතනය විසින් ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් සහිත අලුත් ග්‍රහලෝකයක් පිළිබඳව සිදු කළ පර්යේෂණ වාර්තා එළිදක්වා තිබෙනවා.

මෙම ග්‍රහලෝකය 'TOI-715 b' ලෙස නම් කර ඇති බව සඳහන්.

එය පෘථිවියට ආලෝක වර්ෂ 137ක් දුරින් පිහිටා ඇති බව නසා ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම විශාලත්වය පෘථිවිය මෙන් එකහමාරක් වන මේ ග්‍රහලෝකය සම්බන්ධයෙන් නාසා ආයතනය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතී.
(lknews.lk)