ලංකා විදුලිබල මණ්ඩලයෙන් ක්ෂණික ඇමතුම් අංකයක්

January 18, 2024 - 9:29 AM
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

නීතිවිරෝධී විදුලි රැහැන් හේතුවෙන් සිදුවන අලි මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් මෙම අංකය හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව '1987' ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් ඔබට තොරතුරු ලබා දීමේ හැකියාව පවතිනවා.

අනවසර විදුලි රැහැන් ඇදීම හේතුවෙන් 2023 වසරේදී අලි ඇතුන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.
(lknews.lk)