SL Vs BAN - 2nd Test | සිංහයන්ට දැවැන්ත ජයක්

April 03, 2024 - 10:46 AM
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ හතරවන දිනය අද (02) පැවැත්වුණු අතර එහිදී ලකුණු 192ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට ලකුණු 531ක් රැස් කළා.

බංගලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 178 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ලකුණු 157ක් රැස් කර ගෙන සිටියදී ශ්‍රී ලංකා දෙවන ඉනිම අත්හිටුවීමට නායක ධනංජය ද සිල්වා තීරණය කළා.

ඒ අනුව ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 318ක් පමණයි.

ඒ හේතුවෙන් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - බංගලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 - 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
(lknews.lk)