දෙහි කිලෝවක් රුපියල් 3,000ට නගියි

November 30, 2023 - 8:25 AM
දෙහි කිලෝවක් රුපියල් 3000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ දෙහි හිඟයක් මේ වනවිට පවතින අතර දෙහි ග්‍රෑම් සීයක් රුපියල් 100කට ඇතැම් ස්ථානවල අලෙවි වන බවයි.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල දෙහි ග්‍රෑම් 100ක් රුපියල් 200කට අලෙවිවන බවයි වාර්තා වෙන්නේ.
(lknews.lk)