බලංගොඩ නායයාමක්

November 13, 2023 - 8:40 AM
බලංගොඩ – වැහින්තැන්න ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රීයේ නායයාමක් සිදුව තිබෙනවා.

නායයාමෙන් නිවසකට බරපතල හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ නිවසේ සිටි සිව් දෙනෙකු අතුරුදහන් බවට සැක පළ කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් තහවුරු කර නොමැති බවයි.
(lknews.lk)