මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

December 04, 2023 - 12:20 PM
නෝටන්බ්‍රිජ් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය නායයෑමකට ලක්ව තිබෙනවා.

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ අද (04) උදෑසන 10.30ට පමණ මෙම නායයෑම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම මාර්ගයේ ගමන් ගත් වාහන ධාවනය කිරීමේ දී මාර්ගයේ බෑවුම් ප්‍රදේශයෙන් රථ වාහන ධාවනය නොකරන ලෙසට පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම මාර්ගයේ ස්ථාන කිහිපයක නායයෑමේ සහ පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින බැවින් රථ වාහන ධාවනයේ දී සැලකිලිමත් වන ලෙසයි.
(lknews.lk)