අදත් ටිකට් මිලදී ගන්න ලොකු සෙනඟක්

February 21, 2024 - 12:25 PM
ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි සහ අවසාන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය අද (21) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මේ වනවිට එම තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.
   
ටිකට් විකිණීමේ කවුන්ටර් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපනය කර තිබෙනවා.

එමෙන්ම එහි දක්වා ඇත්තේ ටිකට් 2,000ක් පමණක් විකිණීමට ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේ, ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් සඳහා ඇති ඉඩ සැළකිල්ලට ගෙන එවැනි ටිකට් ප්‍රමාණයක් විකිණීමට තීරණය කළ බවයි.
(lknews.lk)