තලවතුගොඩ Street Food අලෙවිසැල් යළි ඉවත් කිරීමට ලිපියක්

December 07, 2023 - 6:07 PM
තලවතුගොඩ කිඹුලාවල පිහිටි Street Food අලෙවිසැල් ලබන 8 වනදා වනවිට ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති බව එම වෙළඳසැල් හිමියන් පවසනවා.

වෙළෙඳසැල් හිමියන් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති නමුත් සිය වෙළඳසැල් ඉවත් කිරීමට හේතුව නිශ්චිතව දක්වා නොමැති බවයි.

මධුර විතානගේ අමාත්‍යවරයා සහ පාර්මේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම වෙළඳසැල් විධිමත් ලෙස පවත්වාගෙන යන ලෙස උපදෙස් ලබා දී තිබුණා.

එසේ තිබියදීත් තෙවැනි වතාවටත් මෙලෙස දැනුම් දී ඇති බව සඳහන්. 
(lknews.lk)