උසස් පෙළ ප්‍රතිඵල සාමාන්‍ය පෙළට පෙර

February 14, 2024 - 11:08 AM
මෙවර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට පෙර 2023(2024) අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර තවමත් පරීක්ෂා කරමින් සිටින බවත්, එය පෙබරවාරි මාසයේ අග වන විට අවසන් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.