උසස් පෙළ ප්‍රවේශපත්‍ර අයඳුම්කරුවන් වෙතට

December 14, 2023 - 11:17 AM
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 ආරම්භ කර ජනවාරි 31 දක්වා පවත්වන බවයි.

පාසල් අයඳුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සහ කාල සටහන පාසල් ප්‍රධානීන් වෙතත් පෞද්ගලික අයඳුම්කරුවන් සඳහා පුද්ගලික ලිපින වෙතත් තැපල් කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

කිසියම් කරුණක් මත ප්‍රවේශ පත්‍ර නොලද අයඳුම්කරුවෙක් වෙතොත් www.doenets.lk වෙබ් අඩවියෙන් එය බාගත කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

එමෙන් ම පෞද්ගලික අයඳුම්කරුවන් සඳහා http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස ප්‍රවේශපත්‍රයේ වෙනස්කම් වෙතොත් එක් වරකදී පමණක් සංශෝධනය කර ගැනීමට දෙසැම්බර් 19 රාත්‍රි 12.00 තෙක් පමණක් අවස්ථාව හිමිවනු ඇති.
(lknews.lk)