කොළඹට සැහැල්ලු දුම්රියක් ජපානය සමඟ යළි සාකච්ඡා

December 14, 2023 - 1:48 PM

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතිය යළි ඇස්තමේන්තු කිරීමට අවධානය යොමුව තිබෙනවා.

කොවිඩි වසංගතය හා ආර්ථික අර්බුධය හේතුවෙන් මේ සදහා වැය වන මුදල මුල් ඇස්තමේන්තුවට වඩා ඉහළ යාම ඊට හේතුවයි.
(lknews.lk)