නීති විරෝධී දුම්වැටි තොගයක් පොලිස් භාරයට

March 02, 2024 - 10:20 AM
නීති විරෝ‍ධී ව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බළකා‍යේ ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 600ක් සොයාගත් බව වාර්තා වනවා.
(lknews.lk)