පාස්පෝට් ගන්න විශාල පිරිසක්

February 28, 2024 - 3:00 PM
විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ අපේක්ෂාවෙන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලයේ ඉදිරිපිට දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.

ඊයේ (27) පස්වරුවේ සිට එම පිරිස රැඳී සිට තිබෙන අතර අද (28) පෙරවරුවේද තවත් පිරිසක් පැමිණී තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)