නාරම්මල වෙඩිතැබීමකින් අයෙක් මියයයි

January 19, 2024 - 2:59 PM

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේ දී පොලිසිය අතින් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

අදාළ ප්‍රදේශයේ දී කුඩා ලොරි රථයක් පොලිස් අණ නොතකා ධාවනය කර ඇති අතර, පසුව එය කිලෝමීටර එක හමාරක් පමණ දුර ගොස් නතර කර තිබෙනවා.

අනතුරුව එය නැවැත්වීමට නියෝග කළ පොලිස් නිලධාරීන් අදාළ ලොරි රථය අසළ ට ගොස් පරික්ෂා කර ඇති අතර එහිදී එක් පොලිස් නිලධාරියෙකු අතින් සිය රාජකාරි ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.
(lknews.lk)