අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

January 15, 2024 - 11:49 AM
යාපනයේ පළාත් කීපයක මංකොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයෙකුගේ නිවස පරීක්ෂා කළ ඉලවාලි පොලීසියේ නිලධාරීන්ට ඔහුගේ නිවසේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

යාපනයේ මාදගල් ප්‍රදේශයේ සිදු වූ හොරකමකට ඔහු සම්බන්ධ බවට පොලීසියට ලද තොරතුරක් මත ඉලවාලී පොලීසියේ නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවසට ගොස් නිවස පරීක්ෂාකර ඇති බව සඳහන්.

ඒ අවස්ථාවේදී නිවසේ ගෝනි ගොඩක සගවා තිබූ අත් බෝම්බය සොයා ගනීමට හැකි වී ඇති අතර පොලීසිය අත්බෝම්බය සමග එම සැකකරුද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු මීට පෙර අවස්ථා කීපයකදීම මංකොලකෑම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් විවිධ දඩුවම් ලැබූ අයෙකු බවයි ඉලවාලී පොලීසිය ප්‍රකාශ කර සිටියේ.

සැකකරුව මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉලවාලී පොලිසිය කටයුතු යොදා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. 
(lknews.lk)