ඉරාකයේ ඇමරිකානු හමුදාව ඉලක්ක කර ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

January 21, 2024 - 6:40 PM
ඉරාකයේ අල් අසාද් ගුවන් කඳවුරට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් ඇමරිකානු භටයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඇමරිකානු භටයින් රැඳී සිටින එම ගුවන් කදවුර ඉලක්ක කර එල්ල කර ඇති එම ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බවටයි චෝදනා එල්ල වන්නේ.

ඇමරිකානු හමුදාව රතු මුහුදේ ජාත්‍යන්තර නෞකාවලට ඉරානයේ හූති කැරලිකරුවන් එල්ලකරන මිසයිල ප්‍රහාර වැළැක්වීමට ඇමරිකානු හමුදාව මැදිහත්ව ඇති පසුබිමක් තුළ ඉරාකයේ රැඳී සිටින ඇමරිකානු හමුදාව ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඉරාන හමුදාව මෑත දින කිහිපය තුළ සිරියාව, ඉරාකය සහ පාකිස්ථානය ඉලක්ක කර මිසයිල ප්‍රහාර ගණනාවක් දියත් කළා.
(lknews.lk)