VAT Free වෙළඳසැල් ජාලයක් ඉදිරියේදී

January 21, 2024 - 5:33 PM
වැට් බදු අය කිරීමකින් තොර පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීම සඳහා VAT FREE SHOP නම් වෙළෙඳසැල් ජාලයක් රට පුරා ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (21) කඩුවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහන් මාලාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා.

ඔහු පැවසූවේ සිය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ව්‍යාපාර පරිශ්‍ර පවත්වාගෙන යා හැකි ස්ථාන රාශියක්‌ පවතින බැවින්, ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමෙන් අනතුරුව අදාළ පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව තරඟකාරී, සාධාරණ වෙළඳාමේ නිරත වීමට සුදානම් පිරිස් සඳහා එළවලු, සහල්, ළදරු කිරිපිටි වැනි වැට් බදු අය නොකරන භාණ්ඩ සඳහා පමණක් වෙළඳසැල් ජාලයක් රට පුරා පිහිටුවීමට අවශ්‍ය පියවර ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.
(lknews.lk)