ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළි දක්වයි

December 19, 2023 - 6:22 PM
ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේදී සිදු වී තිබෙනවා.

ආපදා පූර්ව අනතුරු ඇගවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් මෙරට පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම නව ක්‍රමවේදය එළිදැක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, ඒ සඳහා ආපදා කළමණාකරණ මධස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ දුරකථන සේවා සැපයුම් ආයතන එක් වූ බවයි.
(lknews.lk)