පොලීසියෙන් අලුත් හදිසි ඇමතුම් අංකයක්

January 04, 2024 - 6:40 PM
කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 
ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින්. 
 
ඒ අනුව '109' දුරකථන අංකය අමතා කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට හැකියි. 
 
මෙම අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.
(lknews.lk)