පාන් ගෙඩියට අලුත් ගැසට්ටුවක්

February 02, 2024 - 12:33 PM
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක්ද එහි වෙනස්වීම 13.5ක් විය හැකි බවත් පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක්ද එහි වෙනස්වීම ග්‍රෑම් 09 කට වඩා වැඩි නොවිය යුතු බවයි.

එමෙන්ම විකිණීමට තබා ඇති පාන් වල බර පැහැදිලිව පෙනෙන සේ ප්‍රදර්ශනය කල යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
(lknews.lk)