රජයෙන් රාජ්‍ය සේවකයින්ට නව යාන්ත්‍රණයක්

March 03, 2024 - 1:59 PM
රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත නිකුත් කර ඇති බව වාර්තා වනවා.

මෙහි අරමුණ වන්නේ, සේවා ස්ථාන සහයෝගීතාව තුළින් මෙරට තුළ ඉහළ ගුණාත්මක භාවයකින් යුතු රාජ්‍ය සේවයක් ගොඩනැගීම හා මහජනතාව වෙත විශිෂ්ට සේවාවක් සැපයීමයි.
(lknews.lk)