හංසනී ගෝමස්ගෙන් නව වාර්තාවක්

April 03, 2024 - 9:49 AM
තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත් වී තිබෙනවා.

මෙම තරගාවලිය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස ද ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු අතර ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
(lknews.lk)