මෙරට ආහාරවල තත්ත්වය පිළිබඳව නවතම හෙළිදරව්වක්

December 08, 2024 - 12:10 PM
ආහාරවල තත්ත්වය පරික්ෂාවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කළ පරීක්ෂාවන් කිසිවක් සිදු කිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත්වී නොමැති බව මහාචාර්ය කමල් ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඒ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට තැලිසීමියා රෝගය සහ වකුගඩු රෝග ව්‍යාප්තියද ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ අවුරුදු 15-17ත් අතර පාසල් සිසුන් 100ක් අතරින් සිදු කළ පරීක්ෂණයකින් තැලසීමියා අගය 23.9%ක ප්‍රතිශතයක් පෙන්නුම් කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කුරුණෑගල එම අගය 20.6%ක් ලෙස සටහන් වී ඇති බවයි.

(lknews.lk)