මිස් කෝල් එකෙන් ජංගම දුරකථන හැක් කරන අලුත් ජාවාරමක්

January 16, 2024 - 5:22 PM
විවිධ ක්ෂේත්‍රවල සිටින පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට අනවසරයෙන් ප්‍රවිෂ්ට වී දත්ත ඇතුළු තොරතුරු චීනයේ දත්ත ගබඩාවලට යවන බව කියන සංවිධානාත්මක කල්ලියක් ගැන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් අරඹා තිබෙනවා.

තම ජංගම දුරකථනවලට හැකර්වරුන් ප්‍රවිෂ්ට වී දත්ත සොරකම් කළ බව කියමින් රජයේ නිලධාරින් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල හතළිස් දෙනකු පමණ මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අන්තර්ජාල ණය දීමේ මධ්‍යස්ථානය තුළ තරුණියන් අසූ දෙනකු පමණ සේවයට ගනිමින් මෙම ජාවාරමක් සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම ඔන්ලයින් ණය දීමේ මධ්‍යස්ථානය 2021 දී ශ්‍රී ලාංකිකයකු නමින් ආරම්භ කර එය චීන ජාතිකයන්ට විකුණා ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

දැනට එය පවත්වාගෙන ගිය චීන ජාතිකයන් පස් දෙනා හා එය ආරම්භ කළ ශ්‍රී ලාංකිකයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(lknews.lk)